• Mail usinfo@sahanaudaya.org

වැඩිහිටි විවේකාශ්‍රම ගොඩනැඟිලි නිර්මාණය

වැඩිහිටි විවේකාශ්‍රම ගොඩනැඟිලි
නිර්මාණය

මෙම ගොඩනැගිලි සංකීර්ණය නො.28 ඩී.එස්. කහවිට මාවත,අත්තිඩිය, දෙහිවල යන ස්ථානයේ පිහිටා ඇත. දිවංගත ඩී.එස් කහවිට මහතාට අයත්ව තිබූ මෙම ඉඩම අක්කර  2 1/2 කින් යුක්තය. එතුමාගේ අන්තිම කැමති පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ මහා භාරකාරතුමා වෙත පවරා දී තිබූ මෙම ඉඩම අන්තිම කැමති පත්‍රප්‍රකාර අරමුණු ඉටු කිරීම සදහා වැඩිහිටි නිවාසයක් ආරම්භ කොට පවත්වා ගෙන යාමට මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් මෙම භූමි භාගය 1999 ජුලි 22 දින සහනෝදා පදනමට නීත්‍යානුකූල ගිවිසුමක් මගින් ලබා දෙන ලදි.

නේවාසික ගොඩනැගිල්ල නිර්මාණය කිරිමේදි පුද්ගලයන් දෙදෙනෙකුට එක් කාමරයක්ද, එවැනි කාමර 2ක් සදහා එක් නාන කාමරයක්ද එවැනි කාමර 08ක් සදහා විවෘත පොදු ස්ථානයක්ද සලසා දී ඇත. මෙහිදී විවේක ගැනිම, රූපවාහිනි නැරඹීම, පුවත්පත් ආදිය කියවීමට පහසුකම් සලසා දී ඇත. එක් මහලක වැඩිහිටි පුද්ගලයන් 16 දෙනෙකු සදහා පහසුකම් සලසා දී ඇති අතර මහල් 2කින් යුත් ගොඩනැගිල්ලේ වැඩිහිටි පුද්ගලයන් 32නෙකුට ඉඩ පහසුකම් ලබා දී ඇත.

මීට අමතරව පරිපාලන ගොඩනැගිල්ල, දානශාලා ගොඩනැගිල්ල, මුළුතැන්ගෙය සහ සේවක නේවාසිකාගාර සදහාද පහසුකම් සලසා දී ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණ සහනෝදා පදනමේ නිර්මාතෘ දානපති බන්දුල වීරවර්ධන මැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකර අසරණ වැඩිහිටියන්ගේ පරිහරණය සදහා පරිත්‍යාග කර ඇත.