ශ්‍රී ලංකාවේ ස්වකීය පවුල තුල අද වන විට තම වැඩිහිටියන් රැක බලා ගැනීම අර්බුදයක් බවට පත්ව ඇත. සාම්ප්‍රදායික පවුල් පද්ධතිය තුළ එදා වැඩිහිටියා සුරක්ෂිත පුද්ගලයෙකු වුවද විවිධ සමාජ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් වැඩිහිටි පරම්පරාව නොසලකා හරින තත්වයේ ගැටළුවක් අද සමාජයේ නිර්මාණය වී ඇත. මේ අවාසනාවන්ත තත්වයට ඉවහල් වූ ඓතිහාසික සාධක මෙන්ම නූතන සමාජය විසින්ම නිර්මාණය කරන ලද බොහෝ හේතුන්ද ඇත. ලොව වෙන කිසිම රටක දක්නට නැති ආකාරයට අප රටේ වැඩිහිටි ජනගහනය ජන සංඛ්‍යාවේ විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන අතර ඒ තුළින් ඉතිහාසයේ කිසි දිනක දක්නට නැති සමාජ ප්‍රශ්නද අසන්නට පවතී. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුලක යැපෙන්නන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමේ අභියෝගයට මුහුණ දෙන්නන් විසින් පළමුව ප්‍රතික්ෂේප කිරීම් හා නොසලකා හැරීම්වලට අළුතින්ම සංක්‍රමණය වන කණ්ඩායම වන්නේ වයස්ගත වැඩිහිටියන්ය.
මෙම අවාසනාවන්ත තත්වය නගර බද සංස්කෘතිය පුරා පැතිර ඇති අතර 85% ක් නියෝජනය කරන ග්‍රාමිය ජනතාවටද මෙය බැරෑරුම් ප්‍රශ්නයක් වී තිබේ. මේ සම්බන්ධව රටතුළ ක්‍රියාත්මක වන රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරි සංවිධාන වල සමස්ථ ශක්තියම අද ප්‍රමාණවත් නොවීමත් අවශ්‍යතාවයට සහ ඉල්ලුමට සරිලන පහසුකම් සැපයීමේ ගැටළුවටත් ඔවුහු මුහුණ පා සිටිති. මේ සියළු සමාජ ආර්ථික හා පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් වැඩිහිටියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කොට මෙම සමාජ ප්රශ්නයේ බර යම් තරමකට හෝ අවම කිරීමේ අභිලාශයෙන් මෙම වැඩිහිටි විවේකාශ්‍රමය ඉදි කිරීමට කටයුතු කළෙමු.
පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම ස්වාමින්වහන්සේ
ගරු සභාපති
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය