• Mail usinfo@sahanaudaya.org

නේවාසික මව්පියවරුන්ට දානය පිරිනැමීම සඳහා වැයවන මුදල

සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ ජීවත් වන දෙමාපියන් තිස්දෙදෙනෙකු සඳහා දිනය පුරා (උදේ / දවල් / රාත්‍රී) ප්‍රධාන දාන වේල් සහ කෙටි කෑම වර්ගයක් සමග තේපැන් දෙවරක් ලබා දීමට දිනකට වැය වන මුදල රුපියල් 30000.00 කි.($100)

ඔබගේ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද ලබාගැනීම සඳහා හෝ මියපරලොව ගිය දෙමාපියන් හෝ ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීම සඳහා මෙම වැඩිහිටි මව්පියවරුන්ට දිනකට එක් දාන වේලක් හෝ මුළු දිනයටම දානය ලබාදීමෙන්ද නේවාසික මව්පියවරුන්ට දෛනික අවශ්‍යතා වෙනුවෙන් උදව් උපකාර ලබාදීමට හෝ ආයතනයේ නඩත්තු කටයුතු හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම පරිපාලන වියදම් සඳහාද ඔබට අනුග්‍රාහක දායකත්වය ලබාදිය හැක.

ආගමික ජීවිතයක් ගතකරමින් පින්දහම් රැස්කරමින් ජීවිතයේ සැදෑසමය ගතකරන මෙම මව්පියවරුන් නිරන්තරයෙන්ම ඔබට ආශීර්වාද කිරීම හා පුණ්‍යානුමෝදනා කිරීම දිනපතා සිදුකරනු ලබයි.